මධ්‍යම කඳුකරයේ රක්ෂිතවලට ගිනි තැබිම් වැඩි වෙයි – (ඡායාරූප)

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ රක්ෂිතවලට ගිනි තැබිම් වැඩි වී තිබේ.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් සතුන් දඩයම් කිරිමේ අරමුණින් සහ විනෝදාශ්වාදය සඳහා මෙම ගිනි තැබිම් සිදු කරන බව ප්‍රදේශවාසින් පවසයි.

ඊයේ(06) රාත්‍රියේ ද උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් රක්ෂිතයට ගිනි තැබිමක් සිදු කර තිබුණි.

එම ගින්න අද(07) අලුයම වන විට නිවි ගොස් තිබු අතර ගින්නෙන් අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණි.

පසුගිය දින කිහිපය තුළ කාසල්රි ජලාශ රක්ෂිතය, සිංගිමලේ රක්ෂිතය සහ ආගරපතන කඳුවැටියට ගිනි තැබිම නිසා එම රක්ෂිතවල අක්කර 50 කට වැඩි කොටසක් ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම රක්ෂිතවලට ගිනි තැබිම් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වි ඇති අතර එම රක්ෂිත හරහා ගලා බසින ජල මුලාශද සිදි යාමේ අවධානමකට ලක් වි ඇත.

රක්ෂිතවලට ගිනි තබන අය පිළිබඳව තොරතුරු වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News