ඕනැම මැතිවරණයකට මුහුණ දිමට සුදානම් බව පොදුජන පෙරමුණ කියයි

Share

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සි.බි රත්නායක මහතා පැවසිය.

වත්මන් දේශාපලන තත්ත්වය පිලිබඳව දැනුවත් කිරිම සඳහා හැටන් නගරයේ අද(07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි සි.බි රත්නායක මහතා මේ බව කියා සිටියේය.

වත්මන් රජයේ පාලන බලය වැඩිකල් නොයන බවත්, මේ රටේ ජනතාව මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බවත්, සි.බි.රත්නායක මහතා පැවසීය.

අග්‍රමාත්‍යයවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දින 55 ක් තුළ මේ රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නද වත්මන් රජයෙන් රටේ ජනතාවට එවැනි සහන ලබා නොදෙන බවද සි.බි රත්නායක මන්ත්‍රිවරයා මධ්‍යය හමුවේදි කියා සිටියේය.

Read more

Local News