මහින්ද සමඟ තිබූ එකඟතාවයක් ගැන පාඨලී හෙළි කරයි

Share

හිටපු ජනපතිවරයා හට කඩේ යන යුගයක් තිබු බව මහනාගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනය සඳහා ක්‍රියාත්මක වන ශාන්ත සෙබස්තියන් දකුණු ඇළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ කොළොන්නාව ඇළ හැරවුම් ව්‍යාපෘතිය යටතේ වාසස්ථාන අහිමි වූ නිවැසියන් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩ්දුරටත් අදහස් දක්වමින් “මහින්ද රාජපක්ෂ මහත්මයාට කඬේ යනවාය කියලා අපට කියපු කාලයක් තිබුණා. නමුත් අපි ඔප්පු කර පෙන්නුවා මහින්ද රාජපක්ෂ මහත්මයා, 2005 බලයට පත් වුණේ ත්‍රස්තවාදය පරාජය කරනවා කියල නෙමෙයි. එතුමා බලයට පත් වුණේ ප්‍රභාකරන් සමග ඍජුව සාකච්ඡා කරනවා කියලා.

එතුමයි අපියි අතර තිබුණේ එකම එක එකඟතාවයක් විතරයි. ඒ තමයි රටේ ඒකීය භාවයට අත තියන කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවට තිබූ එකඟතාවය.

ඒ අවස්ථාවේදී එතුමා වටේ සිටි හුඟ දෙනෙක් එයට කැමැත්ත පළ කළේ නැහැ. නමුත් ඒ ත්‍රස්තවාදය වටෙන් වටය පියවරෙන් පියවර ජයග්‍රාහීව අවසන් උනා. අද ඒකෙන් කාටද ප්‍රතිලාභ ලැබිලා තිබෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිලාභ ලැබිලා තිබෙන්නේ ද්‍රවිඩ ජනතාවට. උතුරේ සිමෙන්ති කොට්ටය, හාල් සේරුව, භූමිතෙල් ලීටරය කීයද යුද්ධය අවස්ථාවේදී, අද කීයද?

ඒ වගේම ඒ ජනතාවට ලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කොපමණද? එදා තමිල් චෙල්වම්ගේ දුරකතන ඇමතුමට නැටවෙච්ච දේශපාලන ව්‍යාපාර උතුරේ තිබුණේ. නමුත් නිදහසේ දේශපාලනය කරන්න, පෙළපාලි යන්න සංවිධානය වෙන්න, විග්නේශ්වරම් මහත්මයාට අපට බණින්න, සම්බන්ධන් මහත්මයාට ප්‍රජාතන්ත්‍රවාදී සටන්වලට දායක වෙන්න හැකියාව නිදහස ලැබුණේ එදා අපි කළ ත්‍රස්තවිරෝධී ක්‍රියාවලිය නිසයි” යැයි පැවසීය.

Read more

Local News