රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන ඉන්දීයාවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ

Share

ප්‍රමුඛ පෙළේ ඉන්දියාවේ පැවති විද්‍යා සමුළුවකදී එරට විද්‍යාඥයින් පිරිසක්, විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේදී අදහස් ඉදිරිපත් කළ ඇතැම් විද්වතුන් අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවෙයි.

මේ සඳහා අතීතයේ වාසය කළ හින්දු ජනයා පියවි සෛල (stem cell) පර්යේෂණ ද සොයාගෙන තිබූ බව ඇතැමි ව්ද්වතුන් සඳහන් කරයි.

හින්දු මිථ්‍යා විශ්වාස සහ ආගමික කරුණු මත පදනම් වූ න්‍යායයන් ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ න්‍යාය පත්‍රයට වැඩි වශයෙන් ඇතුළත් වීමේ ප්‍රවණතාවක් දක්නට ඇති අතර විද්වතුන් පවසන්නේ, මෙවර සමුළුවේදී සාමාන්‍ය මට්ටමට වඩා එම න්‍යායයන් කතාබහට ලක්වූ බවයි.

පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බව දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසීය.

රාවණාගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ හින්දු ආගමික වීර කාව්‍යයක් වන රාමායණයේ සඳහන් වන රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවත්, ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවත් ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ (G Nageshwar Rao) සඳහන් කරයි.

ඒ අනුව අයිසැක් නිවුටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් වැරදි බවත්, ගුරුත්වාකර්ෂණ තරංග “නරේන්ද්‍ර මෝදි තරංග” යනුවෙන් නම් කළ යුතු බව තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් විශ්වවිද්‍යාලයක විද්‍යාඥයෙකු පැවසීය.

Read more

Local News