Tuesday, March 19, 2024.

පාර්ලිමේන්තු ගැටුමට හේතු සොයන්න කමිටුව අදත් රැස්වෙයි

Share

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා කථානායකවරයා විසින් පත් කළ කමිටුව අද(08) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය නොවැම්බර් 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබද කරුණු සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලැබීය.

එම කමිටුව මේ වන විට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

එය මේ මස අවසන් වීමට ප්‍රථමයෙන් කථානායකවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය  කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

Read more

Local News