Tuesday, March 19, 2024.

ගෑස්, කිරිපිටි මිල ඉහළ නැංවීමට සමාගම් වලින් ඉල්ලීමක්

Share

ගෑස් සහ කිරිපිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පැවසීය.

ගැස් සහ කිරිපිටි මිල ඉහළ නැංවීමට සමාගම් විසින් ඉල්ලීමක් කර ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කරයි.

ලෝක වෙළෙදපලේ මිලත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව ලේකම්වරයා පවසයි.

වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය‍වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එම අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා මේ බව පැවසීය.

Read more

Local News