නිදන් සොයා කැණීම් කල පස්දෙනෙකු මාට්ටු වෙයි

Share

සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ පහේ කණුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සූක්ෂම ලෙස මෙම ඉඩම තුළ නිදන් ලබා ගැනීමට කැණීම් කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල, වැල්ලවාය, සියඹලාණ්ඩුව සහ බිබිල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 25, 29, 40 සහ 42 යන වයස් වල පසුවන බව සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබූ කැණීම් උපකරණ රැසක් සහ මෝටර් රථයක් තිරෝද රථයක් ඇතුළු උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News