තැන් 3කදී පුද්ගලයින් තිදෙනෙක් කුඩු සමඟ අත්අඩංගුවට

Share

වැල්ලම්පිටිය, මෝදර සහ තෙඹුවන යන ප්‍රදේශවලදී හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය, කොටිකාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 120ක් සමඟ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෝදර පඤ්ඤානන්ද හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200ක් සමඟ 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 හැවිරිදි අනෙක් පුද්ගලයා තෙඹුවන, නෑබඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

Read more

Local News