කොටගල රක්ෂිතයක ගින්නක් – අක්කර 25ක් විනාශයි

Share

පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද(09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

අද පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.

වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති.

ගින්නෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකටද දැඩි බලපැමක් එල්ල වි ඇති බවටයි වාර්තා වන්නේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් පවතින දැඩි සුලං තත්ත්වයත් හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති.

කිසියම් පිරිසක් විසින් මෙම ඉලුක් සහිත රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

Read more

Local News