දුප්පත් අපගේ බයිසිකලේටත් එයාර් බෑගයක්

Share

පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සඳහා සුවිශේෂ එයාර් බෑගයක් නිෂ්පාදනය කර තිබේ.

ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැත්වෙන තාක්ෂණ ප්‍රදර්ශනයේදී මෙම එයාර් බෑගය හඳුන්වා දී ඇත.

මේ නවතම සොයා ගැනීමත් සමගම පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවතම පිටුවක් පෙරළමින් පවතින බව එහි නිෂ්පාදකයෝ පවසති.

පාපැදි ධාවනයේදී පාපැදිකරු සම්පූර්ණයෙන් නිරාවරණය වී ඇති හෙයින් මහාමාර්ගයේදී මෙන්ම පාපැදි තරගවලදී ද පාපැදිකරුවන්ගේ ජීවිත අතිශයින් අනාරක්ෂිත තත්ත්වයක පවතී.

මෙම නවතම සොයා ගැනීමත් සමගම සුළු මුදලක් වැය කිරීමෙන් පාපැදිකරුවන්ට ඉදිරියේදී සිය ජීවිත ආරක්ෂාව සහතික කරගත හැකි වනු ඇත.

මෙම එයාර් බෑගය තුළ කුඩා විද්‍යුත් උපකරණයක් ඇති අතර පාපැදිය අනතුරකට ලක්වූ අවස්ථාවක හෝ පාපැදිය පාලනයෙන් ගිලිහුණ අවස්ථාවක ඒ උපකරණය මගින් එයාර් බෑගය ක්ෂණිකව පිම්බෙන බව එයාර් බෑගය නිපදවූ සමාගමේ ඉංජිනේරු ඇලෙක්සැන්ඩර් ක්වොරි පවසා ඇත.

එහි ක්‍රියාකාරීත්වය කොතරම් වේගවත්ද යත් එයාර් බෑගය ක්‍රියාත්මක වීම සඳහා ගත වනුයේ, තත්පර 0.1 ක් තරම් සුළු කාලයක් බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

Read more

Local News