වත්මන් ආණ්ඩුවට අැත්තේ එක ගිවිසුමක් බව සජිත් කියයි

Share

වත්මන් ආණ්ඩුවට ඇති එකම ගිවිසුම වන්නේ පොදු ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදීම බව නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මඩකලපුව කෝරලේපත්තුව ප්‍රදේශයේ ඉදිකළ උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

වත්මන් ආණ්ඩුවට ගිවිසුමක් ඇති බවත් එම ගිවිසුම සමාජ ගිවිසුමක් බවත්, එසේම පොදු ජනතාවගේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම මෙහිදී එකම ගිවිසුම වන බවත් අමාත්‍යවරයා පැවසීය.

සැමට සෙවණ – යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 178 ක වියදමින් මඩකලපුව , කෝරලේපත්තු, කුඹුරු මුලෙයි ප්‍රදේශයේ ඉදිකළ ” පළමුතිර්සෝලෛ” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

Read more

Local News