සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමට වැඩපිළිවෙලක්

Share

රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු ලෙස රටේ නිෂ්පාදනයට දායක කර ගැනීම තම බලාපොරොත්තුව බවත්, එලෙසින්ම සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ, ලග්ගල නව හරිත නගරයේ ඉදිකළ ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මම අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළා ගොවියාගේ පොහොර ටික නොමිලයේම ලබා දීමට මැදිහත් වෙන්න කියලා. සතයක්වත් අයකරන්නේ නැතිව. එහෙම කළොත් ගොවියාගේ අදායම වැඩි වෙන ගමන් ගොවිතැනටත් පෙළඹීමට යොමු වීම වැඩි වේවි.

ඒ වගේම මාතලේ, කුරුණෑගල, පුත්තලම ඉතාමත් හොඳින් බී ලූනු වගාව සිදු කරගෙන යනවා. හැබැයි අස්වැන්න නෙලන කාලයට පිටරටින් බී ලූනු ආනයනය කරනවා. එහෙම වුණාම ගොවියාට අසාධාරණයක් වෙනවා. බී ලූනු, අර්තාපල්, මුං ඇට, උඳු ආනයනය කිරීමේදී කොන්දේසි පනවන්න ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මම අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා.

මට අවශ්‍ය රටේ ගොවියාව සුරක්ෂිත කරන්න. ඒ වගේම ගොවියාට අවශ්‍ය බීජ බී ලූනු වගේම අනෙකුත් බීජ නොමිලයේම ලබා දීමටත් කටයුතු කළ යුතුය. රජයක් ලෙස අපි ඉන්දියාව වැනි රටවල් සමඟ දැන් සාකච්ඡා කරනවා සහන මිලට බීජ ලබා ගන්න. යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News