රෙජිනෝල්ඩ් හා නිලුකාට ආණ්ඩුවේ වෙනත් තනතුරු

Share

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස ද පත් කර තිබේ.

මේ අතර ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඊයේ (09) දින පත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේදී අදාළ පත්විම් සිදු කර තිබේ.

Read more

Local News