මන්නයකින් පහරදී පුතා පියාව මරයි

Share

සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ පීල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කල පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙසේ ඝාතනයට ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 96ක් වන ඩී.ජී කොරනේරිස් නැමති පස් දරු පියෙකු බව සියඹලාණ්ඩුව පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක් වී ඇති පුද්ගලයාගේ පුත්‍රයකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම සැකකරු අධික ලෙස බීමතින් පැමිණ සිය බිරිඳ සහ දරුවන් ට මන්නයකින් පහරදීමට උත්සාහ දරා ඇති අතර ඔවුන් අසල නිවසක් වෙත ගොස් දිවි ගලවාගත් බව සැකකරුගේ බිරිඳ පොලිසියට පවසා ඇත.

සැකකාර පුත්‍රයා සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 48ක අයෙකු බව පොලිසිය පවසයි.

මළ සිරුර පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) සිදු කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News