මහා බැංකුවේ හොල්මන් හා රුපියල ගැන රවි කළ හෙළිදරවුව

Share

මහ බැංකුවේ හොල්මන්කාරයෝ ඉන්න තාක් කල් රුපියල අවප්‍රමාණය වීම වැලක්වීමට නොහැකි බව අමාත්‍ය රවී කරුණානායක පවසයි.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවක දී ය.

වර්තමානයේ දී රුපියල සීඝයෙන් අවප්‍රමානය වීමට විසඳුම් මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ

”අපේ අස්ථාවරතාවයක් තියෙන වෙලාවේ රුපියල ශක්තිමත් වෙන්න පුළුවන් නං, අපිට ස්ථාවර ආණ්ඩුවත් තිබ්බාම, මේක කොහොමද අවප්‍රමාණය වෙන්නේ? මේ අයට ඕන විදියට නටවන්න හදන්නේ. ඒකට තියෙන්න ඕනේ ශක්තියක්, ඒ අයට විරුද්ධව කටයුතු කරන්න” ලෙසය.

Read more

Local News