ලක්ෂ දෙකක හොර සල්ලිත් එක්ක 5ක් දැලේ

Share

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 05 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

චාවකච්චේරිය, නෙදුන්කේනි හා ධර්මපුරම් යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අද(10) අළුයම සිදු කළ වැටලීමකදී ව්‍යාජ රුපියල් 5000සේ මුදල් නෝට්ටු 20ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නෙදුන්කේනි ප්‍රදේශයේ ඊයේ(09) රාත්‍රීයේ සිදු කළ වැටලීමකදී ව්‍යාජ රුපියල් 5000සේ මුදල් නෝට්ටු 18ක් සහ ව්‍යාජ රුපියල් 1000සේ මුදල් නෝට්ටු 10ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ධර්මපුරම්, කන්නගිනගර් ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදුන් 17 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් චාවකච්චේරිය, වව්නියාව හා කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News