සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පතුරවන්නනට ගන්න ක්‍රියාමාර්ගය මෙන්න

Share

සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පතුරුවන ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීති අණපනත් සකසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවෙන් ඊයේ (10) දින ඉල්ලා සිටියේය.

මේ වන විට සමාජය මාධ්‍ය භාවිත කරමින් අසත්‍ය පැතරවීම් වැඩිවී ඇති බවත් එමෙන්ම අන්තවාදය ජාතිවාදය පැතිරවිම් සිදුවන බැවින් මෙලෙස නීති සකස් කර වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුයේ අන්තර්ජාලය හරහා අසත්‍ය පතුරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය නීති සකස් කරගැනීම සිදුකිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම පැවසීය.

Read more

Local News