අනතුරකින් තරුණ ජිවිතයක් අහිමි වෙයි

Share

අද(12) අළුයම 1.50ට පමණ වාද්දුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තල්පිටිය හංදිය අසලදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි තිබේ.

යතුරුපැදියක් කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ.

අනතුරින් මියගොස් අැත්තේ වයස අවුරුදු 18ක් වූ තරුණයෙකි.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාද්දුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News