උත්සව සමයට අඩුම මිලට සහල්

Share

නාඩු සහල් කිලෝ ග්රෑම් 1 ක් රු.74 කට ලංකා සතොස හා CWE ජංගම අළෙවි රථ මඟින් පාරිභෝගිකයාට ලබාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

මෙම වසරේ ජුලි මාසයේදී ඉන්දියාවෙන් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් නාඩු සහල් මෙට්‍රින් ටොන් 17, 000 ක් මේ වන විට ලංකාවට ලැබී ඇති බවත් ඉතිරි නාඩු සහල් මෙට්‍රික් ටොන් 53,000 ලබන මස දෙවන සතිය වන විට ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇති අතර මෙසේ ආනයනය කළ සහල් වෙළෙඳපලට නිකුත් කරනු ලබ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් මෙට්‍රික් 30, 000 ද නොවැම්බර් මාසය අවසන් වීමට පෙර වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ළඟ එන උත්සව සමයට හිඟයකින් තොරව අඩුම මිලට සහල් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News