ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කරයි

Share

පේදුරුතුඩුව තන්නිපන්දල්අඩි ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඊයේ(13) රාත්‍රීයේ තරුණයෙකු ඝාතනය කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක් වු තරුණයා ත්‍රීරෝද රථ රියදුරෙකුට පහර දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝතනය සිදුව ඇති බවට වාර්තා වෙයි.

පේදුරුතුඩුව කට්කෝවලම් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News