වැරදී මතය ගැන ජනපති කී කතාව

Share

අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බවත් එය වැරදි මතයක් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු බවත් අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

ඊයේ (13) දින ජනපති කාර්යාලයේ පැවති හමුවකදී මේ අදහස් දැක්වූ ජනපතිවරයා ඒ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය.

සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව හරහා අනිවාර්යයෙන් එම කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read more

Local News