සෞඛ්‍ය අැමතිට සම්මානයක්

Share

ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමන ලදි.

ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පිළිගැනීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රීලා හොටලයේ ඊයේ(13) රාත්‍රී පැවැතී උත්සවයක දී මෙම සම්මානය පිරිනමන ලද්දේ නව සභාපතිවරයා විසිනි.

ශ්‍රී ලංකා පරාජන්ම සංගමය දිවයින පුරා පිහිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත සංවිධානයකි.

Read more

Local News