අයිස් සමඟ අයෙක් මාට්ටු

Share

අයිස් නැමැති  මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 650 ක් සමඟ සැකකරුවෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර එම මෝටර් රථය පුත්තලම ප්‍රදේශයෙන් කුලී පදනම මත සැකකරු විසින් ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරු පුත්තලම, පාලාවියේ පදිංචි 21 හැවිරිදි අයෙකි.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News