නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමු වී තිබේ.

එහිදී, ගුවන් හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය පත්විය.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලද අතර, ඉදිරි කටයුතුවලදී ගුවන් හමුදාවේ නොමද සහාය නාවික හමුදාව වෙත ලබා දෙන බව ද එහිදි ගුවන් හමුදාධිපතිතුමන් සඳහන් කර තිබේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Read more

Local News