සුළං වැඩිවෙයි

Share

දිවයින හරහා විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී තරමක් දුරට වැඩිවන ලකුණු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී.50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News