සූරියවැව යොවුන් සේනාංකයේ යෞවනයන් පිරිසක් විසිරයයි

Share

සූරියවැව යොවුන් සේනාංකයේ තවත් යෞවනයන් පිරිසක් විසිරයයි.

ජාතික යොවුන් සේනාංක සූරියවැව පුහුණු මධ්‍යස්ථානයේ 2018 දෙවන කණ්ඩායම් විසිරයාමේ උළෙල පසුගිය 11 වනදා පැවැත්විණ.

එම අවස්ථාව යොවුන් සේනාංකයේ දකුණු පළාත් අධ්‍යක්ෂක ලුතිතන් කර්නල් එච්.යූ.එස් ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

එම පුහුණුව නිම කළ සිසුන් අතරින් හොඳම රේන්ජර්වරයා සහ රේන්ජර්වරිය සමඟම හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවද තෝරාගත් අතර මෙම පුහුණුව තුළදී සිසුන්ගේ විනය, නායකත්වය මනාලෙස සංවර්ධනය කර ඇති බව, එහි මධ්‍යස්ථානාධිපති නිශ්ශංක රණදේව මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් ඔහු පැවසුවේ පුහුණුව නිම කළ සිසුන් නිසි රැකියා පුහුණුවකට යොමු කරන බවත් මීළග කණ්ඩායම ජනවාරි 22 වනදා ආරම්භ වන බවත් ය.

Read more

Local News