බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් අධි අවදානම් කලාපයේ ගොඩනැගිලි 29,000ක්

Share

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් අධි අවදානම් කලාපයේ ගොඩනැගිලි 29,000කට අධික ප්‍රමාණයක් පවතින බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මානව ජනාවාස සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන් චන්නක සුගතපාල  සඳහන් කළේ ඒ අතර පාසල් ගොඩනැගිලි 98ක් පූජනීය ස්ථාන 153ක් වෙනත් රාජ්‍ය ආයතන 160ක්, වෙළෙඳ ආයතන ගොඩනැගිලි 691ක් සහ නිවාස 28,040ක් වන බවයි.

 

මේ වන විට නුවරඑළිය හා කෑගල්ල දිස්ත්‍රික්ක අතුළු දිස්ත්‍රික්ක 11ක ගොඩනැගිලි පරික්ෂා කිරීම් සිදු කිරීමට නියමිතව තිබේ.

Read more

Local News