නිධන් ගන්න කැණීම් කළ 12ක් පොලිස් දැලේ

Share

නවගත්තේගම, තම්මැන්නාවැටිය ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නවගත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවි අැත.

මොවුන් සමඟ සිටි තවත් දෙදෙනෙකු වැටලීමේදි පලා ගොස් ඇති බවට වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, නිධන් ගැනීමේ අරමුණින් කැනීම් කළ ස්ථානය ඉපැරණි ස්ථානයක් බවත් එහි අඩි 10ක් පමණ ගැඹුරට සැකකරුවන් විසින් කැණිම් සිදුකරමින් සිට ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකරුවන් කොළඹ, කඩුවෙල, ගල්ගමුව, කුරුණැගල, පල්ලම, රඹුක්කන, තඹුත්තේගම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි.

මොවුන් කුඩා වෑන් රථයකින් සහ කැබ් රථයකින් නවගත්තේගමට පැමිණ ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබේ.

සැකකරුවන් සමඟ නිදන් හැරිමට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News