හදවත නැවතුනු පොලිස් නිලධාරියට යලි පන දෙයි

Share

‍ෙහද ගැස්ම නැවතී සිහිමුර්ජාවී රෝහලට ගෙනආ පොලිස් නිලධාරියකු ගේ ජීවිතය දැඩි පරිශ්‍රමයක් දරා ගලවා ගැනීමට බදුල්ල මහරෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සමත් වී ඇත.

රාජපක්ෂ මහතා මින් පෙරද මෙවන් හදවත අකර්මන්‍ය වු රෝගීන් කීපදෙනකුම ප්‍රතිකාර ලබා දි ප්‍රකෘත්ති තත්ත්වයට පත් කිරීමෙන් කීර්තියක් දිනා සිටී.

පොලිස් අධිකාරි උදිත් ලියනගේ පසුගිය දිනක රාජකාරිය සඳහා මෝටර්රථයෙන් ගමන් කරමින් සිටියදී සිහිමූර්ජාවී ඇති අතර රියදුරා විසින් කඩිනමින් ඔහු බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

රෝහල් වෛද්‍යවරු මේ පිළිබඳ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර වහාම එහි පැමිණි රාජපක්ෂ මහතා අකර්මන්‍ය වි තිබු හදවත නැවත ක්‍රියාත්මක කර ගැනීම සඳහා‍ නිසි පරිදි සම්බාහනය කර පෙනහැල්ලට බටයක් යොදා කෘතීම ස්වසනය ලබා දී ඇත.

ඉන්පසු දැඩි සත්තකාර ඒකකයට යොමු කර රෝගියාට ප්‍රතිකාර ලබා දී ඇති අතර දින දෙකකින් පසුව සුවය ලබා ඔහු රෝහලෙන් පිටව ගොස් ඇත.

චිස් හා කඩල කෑමෙන් පසු ඇති වූ කිසියම් අසාද්මික තාවයක් හේතුවෙන් (Anaphylactic shock)මෙම තත්ත්වය ඇති වී ඇති බව සිදු කළ පරික්ෂ වලදි අනාවරණය වු බව වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Read more

Local News