ජනපතිවරු දෙදෙනෙක් අතර හමුවක්

Share

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1961 වසරේ ආරම්භ වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට්‍ (Rodrigo Duterte) මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද(16) පැවැත්විමට නියමිතව තිබේ.

දෙරට අතර දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම ජනාධිපතිවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති අතර ඒ පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී ජනාධිපතිවරයා අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මේ වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර නව වසරේ පිලිපීනයට රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වෙයි.

Read more

Local News