බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මාර පරාජය – අගමැතිනියත් අවදානම් තත්ත්වයක

Share

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් ගෙන ආ බ්‍රෙක්සිට් යෝජනාව දරුණු පරාජයක් ලබා ඇත.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ(15) එරට පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසා ඇත.

එහිදී ගිවිසුමට එරෙහිව ඡන්ද 432ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 202ක් පමණි.

ඒ අනුව යෝජනාව පරාජයවී ඇත්තේ වැඩි ඡන්ද 230කින් වන අතර එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ ආණ්ඩුපක්ෂ යෝජනාවක් වැඩිම ඡන්ද ගණනකින් පරාජය වූ අවස්ථාව ලෙස වාර්තාගතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරාජයත් සමගම එරට විපක්ෂ කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබන් විසින් තෙරේසා මේ ගේ රජයට එරෙහිව විශ්වාස භංග යේජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට සිදු කිරීමට නියමිතවේ.

Read more

Local News