ත්‍රස්ත ප්‍රහාරයකින් 15 ක් මරුට

Share

කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප‍්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.

නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය එල්ල වී තිබේ.

සිද්ධියට මුහුණ පෑ පුද්ගලයින් සඳහන් කළේ පිපුරුමත් සමඟ වෙඩි හඞද ඇසුණු බවයි.

බෝම්බ ප‍්‍රහායෙන් අනතුරුව අවි ගත් සටන්කාමීන් 04 දෙනෙකු අදාළ හෝටලයට ඇතුලූ වී වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බව ආරක්ෂක අංශ තහවුරු කළේය.

ඔවුන් පැවසුවේ සෝමාලියාව ආශි‍්‍රත ක‍්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක් වන ‘අල් ෂබාබ්’ සංවිධානය මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.

Read more

Local News