දන්ත සේවා කටයුතු ගමට ගෙනයාමට ජංගම දන්ත සේවා බස් රථ 07ක් – සෞඛ්‍ය අැමති

Share

දන්ත සේවා කටයුතු ගමට ගෙනයාම සදහා රුපියල් මිලියන 300 ක් වටිනා පරිගණක සහ රුපියල් මිලියන 107 ක් වටිනා ජංගම දන්ත සේවා බස් රථ 07 ක් සහ රෝහල් 50 ක් පරිගණක ගත කිරීම සඳහා පරිගණක යන්ත්‍ර බෙදා දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සිදු කෙරිණි.

ඩිජිටල් තාක්ෂණය යනු පහසුවෙන් කාර්යයන් සිදු කළ හැකි මෙවලමක් බවත් වත්මන් රජය විසින් ඩිජිටල්කරණයට මුල පුරා තිබෙන අතර සෞඛ්‍ය සේවාවන් ද පරිගණක ගත කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත්වන විට ඖෂධ හිගයක් පැවතුණා. සෑම දිනකම ඖෂධ වර්ග 44 – 79 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. 2014 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. ඖෂධවල හිගය අවම කළේ පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමෙන් පසුවයි. එමගින් ඖෂධ විනාශ වීම පවා නතර වුනා. ඖෂධ හිගයක් පිළිබදව ද වාර්තා වුයේ නැහැ. රෝහල් ඩිජිටල්කරණය කිරිම හොරණ මුලික රෝහලෙන් ආරම්භ කළා. 2019 වසර වනවිට රෝහල් 300 ක් පරිගණක ගත කර අවසන් කරන බවයි.

Read more

Local News