රැදවියන්ට පහරදීම ගැන සොයන්න කමිටුවක්

Share

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය උපදසේ පරිදි විශේෂ පරීක්ෂණයක් සිදු කිරිමට ත්‍රීපුද්ගල කමිටුවක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සඳුදා(21) දිනයට පෙර තමන්ට ලබා දිය යුතු බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දී තිබේ.

2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අමාත්‍යවරියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රීපුද්ගල කමිටුවක් මේ සඳහා පත් කර තිබේ.

අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යවරිය සඳහන් කරයි.

Read more

Local News