අදත් තද සුළං

Share

වයඹ, නැගෙනහිර, ඌව, උතුරු මැද සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක. ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

බස්නාහිර පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News