දීප ව්‍යාප්තව පැවති තරගවලින් ජයගහණය කළ සිසු සිසුවියන්ට තිළිණ – ගම්මිරිස් සමුළුවේදී

Share

ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) මහනුවර අර්ල් රිජන්සි හෝටලයේ පැවත්විණි.

ශී‍්‍ර ලංකාවේ කුළුබඩු නිෂ්පාදනය පිළිබඳ විශේෂ ප‍්‍රදර්ශනයක් ද මේ හා සමගාමීව සංවිධානය කර තිබෙන අතර එම ප‍්‍රදර්ශනය ද ජනාධිපතිගේ නිරීක්ෂණයට ලක්විය. දීප ව්‍යාප්තව පැවති තරගවලින් ජයගහණය කළ සිසු සිසුවියන්ට තිළිණ සහ සම්මාන පිරිනැමීම ද ජනාධිපති අතින් සිදු විය. එමෙන්ම ගම්මිරිස් කර්මාන්තයේ හොඳම වගාකරු, හොඳම තවාන්කරු, හොඳම අපනයනයකරු සහ හොඳම අගය වැඩිකළ නිෂ්පාදකයාට ද ජනාධිපති අතින් සම්මාන පිරිනැමිණි.

අමාත්‍ය දයා ගමගේ මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අන්තර්ජාතික ගම්මිරිස් ප‍්‍රජාවේ සභාපති බන්දුල වික‍්‍රමාරච්චි, විධායක අධ්‍යක්ෂ හෝග් තී ලියන්, අන්තර්ජාතික ගම්මිරිස් ප‍්‍රජාවේ ශී‍්‍ර ලංකා නියෝජිත ආචාර්ය අශෝක සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News