තෙරේසා මේට එරෙහි විශ්වාසභංගය පරදියි

Share

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේට සහ ඇගේ රජයට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව ඇත.

එම යෝජනාවට විපක්ෂව ඡන්ද 325ක් ලැබී ඇති අතර පක්ෂව හිමිවී ඇත්තේ ඡන්ද 306ක් පමණකි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා වන වැඩපිළිවෙල අගමැතිනි තෙරේසා මේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එහිදී ඡන්ද 432ක් හිමිකරගනිමින් අදාළ යෝජනාව පරාජයට පත්වුණි.

1864 වසරෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවක් එරට පාර්ලිමේන්තු යෝජනාවකදී ලද දරුණුතම පරාජය ලෙස එය හැඳින්වුණි.

මෙම පරාජයත් සමඟ අගමැතිවරිය සහ ඇගේ රජයට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට අගමැතිනිය සමත්ව ඇත.

අදාළ යෝජනාවට විපක්ෂව මන්ත්‍රීවරුන් 325දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර මන්ත්‍රීවරුන් 306දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණි.

මේ සමඟ ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැතිනිය පක්ෂනායකයින්ගේ හමුවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් සියළුදෙනා එක්ව කටයුතු කළයුතු බව තෙරේසා මේ සඳහන් කරයි.

Read more

Local News