කොකේන් ළඟ තබා ගත් පුද්ගලයෙක්ට මරණීය දණ්ඩනය

Share

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

2012 වසරේ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62.01 සන්තකයේ තබාගෙන සිටියදී කොහුවල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

කොහුවල ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවෙකුට මෙසේ මරණීය දණ්ඩනය නියම කර ඇත.

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර අැති අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය පනවන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

Read more

Local News