තැන් 3කදී කුඩුත් එක්ක තුනක් මාට්ටු

22

හෙරොයින් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු මරදාන, තෙබුවන සහ මෝදර ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මරදාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

40 හැවිරිදි මරදාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අද(17) මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 550 ක් සමඟ තෙබුවන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප‍්‍රදේශයේදම පදිංදිකරුවෙක්.

සැකකරු අද මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙරොයින් ග‍්‍රෑම් 01 ක් සමඟ මෝදරදී අත්අඩංගුවට ගත් 34 හැවිරිදි පුද්ගලයා අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කළේය.

මේ අතර රුපියල් මිලියන 60 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 5 යි ග‍්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ රාති‍්‍රයේ කඩුවෙලදී අත්අඩංගුවට ගෙන තිබේ.