වෑන් රථයක් ප්‍රපාතයකට වැටී අයෙක් මරුට

14

ලූ‍ණුගල කොටිටල්බැද්ද ප‍්‍රදේශයේදී අද(17) අලූයම වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

උත්සවයකට සහභාගි වී යළි පැමිණෙමින් සිටි එම පිරිස රැගත් වෑන් රථය ලූ‍ණුගල ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප‍්‍රපාතයක තිබෙන කොට්ටල්බැද්ද ඇළට ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ කොහිලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

බරපතල තුවාල ලැබු පස්දෙනෙකු බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර අංශයටත් තවත් සිව් දෙනෙකු ලූ‍ණුගල රෝහලටත් ඇතුලත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ලූ‍ණුගල ජනතාපුර ගමිමානයේ පදිංච්කරුවන් පිරිසක්.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවයි පොලිසිය සදහන් කළේ.