අලුත් අවුරුද්දේ අලුත් ළමයි අද පාසලට

27

2019 වර්ෂය සඳහා පළමු ශේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද(17) උදෑසන 9.00 ට ගිරිඋල්ල ගනේගොඩ ප‍්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණි.

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මීට සමගාමීව පාසල්වල ප‍්‍රාථමික අධ්‍යාපනයට ප‍්‍රවේශවන දරුවන් සඳහා ”එකට වවමු එකට වැඩෙමු” යන තේමාව යටතේ රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්වෙයි.

පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇති කරලීම මෙහි අරමුණයි.

දිවයිනේ පාසල් 10,194 අතුරින් පාසල් 9,193 ක ප‍්‍රාථමික අධ්‍යාපන අංශ පවතින අතර සෑම වසරකම පාසල්වල පළමු ශේණියට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 40 000 කට ආසන්නයි.

මේ අතර තම දරුවන් අද දිනයේ පාසල්වලට ඇතුළත් කරගැනීමට නොහැකි වූ දෙමව්පියන් ස්ථාන කිහිපයක විරෝධතාවයක නිරත විය.

ඒ අනුව වීරකැටිය රාජපක්ෂ ප‍්‍රාථමික විද්‍යාලයට තම දරුවන් ඇතුළත් කරගත නොහැකි වූ දෙමව්පියන් විද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම මාවනැල්ල මයුරපාද විද්‍යාලය ඉදිරිපිට ද දෙමව්පියන් අද පෙරවරුවේ නිහඩ විරෝධතාවයක නිරත විය.