වේගෙන් අා යතුරුපැදිය ත්‍රීරෝද රථයේ ගැටී අනතුරක්

Share

අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් සහ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් එකිනෙක ගැටි අනතුරක් සිදුවී අැත.

අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදුවි ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බලංතොට ප්‍රදේශයේදි ය.

නාවලපිටියේ සිට රඹුක්පිටිය බලංතොට දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් එක වරම ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවිමේදි එම දිශාවලමට පිටු පසින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය ත්‍රීරෝද රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනයත්, යතුරුපැදිකරුගේ අධික වේගයත් අනතුරට හේතුව වි ඇති බව පොලිසිය පැවසිය.

අනතුරෙන් ත්‍රීරෝද රථයටද අලාභ හානි සිදු වි ඇති අතර, අනතුරෙන් යතුරුපැදියට බරපතල ලෙස අලාභ හානි සිදු වි ඇත.

Read more

Local News