මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කර අැත.

කොළඹ 07, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට අද පෙරවරු 9ට පමණ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙන බවටයි සඳහන් වන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස්, ගාමිණී ලොකුගේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියේය.

මීට පෙර විපක්ෂ නායක ධුරය දරන ලැබුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා විසිනි.

Read more

Local News