දුම්රියක ගැටී විදේශිකයෙක් මරුට

Share

ගල්කිස්ස ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් විදේශිකයෙකු මියගොස් තිබේ.

අළුත්ගම දෙස සිට කොළඹ බලා ධාවනය වූ පරික්ෂණ දුම්රියක ගැටී මෙම විදේශිකයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ගල්කිස්ස රන්වැලි හෝටලය ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි ඉතාලි ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසි වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News