හිරේ සිටි පුතාට කුඩු රැගෙන ගිය පියා මාට්ටු වෙයි

Share

මැදගම පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුට ඊයේ(17) දින රාත්‍රි කෑම පාර්සලයක් සමඟ හෙරෝයින් මත්කුඩු ගෙනදුන් තම පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

පොලීසියට ඇතිවූ සැකයක් මත මෙම ආහාර පරීක්ෂාවට ලක්කිරීමේදී එහි සඟවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 25 ක් සොයා ගැනීමට හැකිව තිබේ.

අනතුරුව 67 හැවිරිදි පියාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අදාළ සැකකරුවන් දෙදෙනා අද(18) බිබිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News