කුඩු ළඟ තබා ගත් කාන්තාවට හිමිවු දඬුවම

Share

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.78 ක් සන්තකයේ තබා ගැනීමට වරදකරු කෙරුණු විවාහක සිව්දරු කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙසේ දඬුවම් නියම කරනු ලැබීය.

2015 මැයි මස 26 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදු කළ වැටලීමකදී මෙම විත්තිකාරිය කොළඹ බේස්ලයින් පාරේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා ඇයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කර සිටියේ විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බැවින් මහාධිකරණ විනිසුරුවරයා ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව නියෝග කළේය.

Read more

Local News