අැතැමුන් රජයට පහර දීමට කටයුතු කරනවා – අකිල

Share

නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(18) පැවැති උත්සවයකට ඒක්වෙමින් සඳහන් කළේය.

ඇතැමුන් බිල්ලෙක් මවා රට පාවාදෙන බව පවසමින් රජයට පහර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විද්වතුන්ගේ සහ ඇතැම් පක්ෂවල වාර්තාවන් පමණක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවත්, ව්‍යවස්ථාවක් සැකසීමට පෙර ඒ සඳහා මහා සංඝරත්නයේ අනුමැතිය ද ලබා ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read more

Local News