රැදවියන්ට පහරදීම ගැන සොයන්න දෙවන කමිටුවත් පත්වෙයි

Share

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට දෙවන පරීක්ෂණ කමිටුව පත්
කෙරේ.

හෙට(18) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරිමට නියමිතයි. එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතකෝරළ මහත්මියට භාරදීමට නියමිතයි.

2018.11.22 වන දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කමිටුව අද දිනයේදී නම් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව,

01.ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා

02.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය

03.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඩී.ඒ.ස්වර්ණලතා මහත්මිය
අදාළ කම්ටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

පරීක්ෂණ කණ්ඩායම හෙට සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතකෝරළ මහත්මියට භාර දීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි පත් කළ පළමු පරීක්ෂණ කමිටුව මේ වන විටත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි වාර්තාව ලබන සදුදා ලබාදීමට නියමිතයි.

Read more

Local News