බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුවක් එංගලන්ත අධිකරණයේ විභාගයට

Share

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව දෙමල ඩයස්පෝරාව වෙස්මිනිස්ටර් අධිකරනය හමුවේ නඩු පවරා ඇත.

මරණිය තර්ජන එල්ලකිරීම හා යුද අපරාධ චෝදනා මත පවරා ඇති මේ නඩුව ජනවාරි 21 වැනිදා විභාගයට ගැනිමට එම අධිකරණය ඊයේ (17) තීරණය කර ඇත.

මෙම නඩුවේ පැමිණිලි කරු ලන්ඩනයේ වෙසෙන ප්‍රමුඛ පෙළේ කොටි ක්‍රියාකාරිකයකු යැයි පැවසෙන මජුරන් සතානන්දන් නමැත්තකි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ පැවරූ මුල්ම නඩුව ලෙස මෙය වාරතා ගත වේ.

බ්‍රිගේඩියර්වරයාට එරෙහි චෝදනා ඇතුළත් සිතාසි ඔහු වෙත යවා ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැති හෙයින් චූදිතයා නොමැතිව හෝ නඩුව විභාග කරන ලෙස පැමිණිලි කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

2018 ජනාවාරි 4 වැනිදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී එල්. ටී.ටී. ඊ. හිතවාදීන් පිරිසක් උද්ඝෝෂණයේ යෙදෙන විට එහි ආරක්ෂාව භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණ තර්ජන එල්ල කළ බවත් ඒ පිළිබඳ ලන්ඩන් පොලිසියට පැමිණිලි කළත් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පැමිණිලි කරුගේ නඩු නිමිත්ත වී ඇත.

Read more

Local News