සේනා තවත් දිස්ත්‍රික්කයකින් හමුවෙයි

Share

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමු වි තිබේ. හැටන් රුවන්පුර ජනපදයෙනුයි මෙසේ සේනා දළඹුවන් හමු වි තිබෙන්නේ.

හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපායක් ලෙස සිදු කරන අතර, එම ගොවින් එළවළු වගාව, තේ වගාව සිදු කරයි.

හැටන් රුවන්පුර ගම්මානයේ ගොවියෙක් ඔහුට අයත් වගා භුමියේ ගෝවා, අමු මිරිස් වගාව සිදු කරන අතරතුර අමතර ආදායමක් වශයෙන් බඩ ඉරිගු වගාවද සිදු කර ඇත.

දින කිහිපයක සිට වගා කර තිබු බඩ ඉරිගු ගස් කිසියම් කෘමියෙකු විසින් විනාශ කරන බවට ඔහුට හැගි ගිය නිසා ඔහු ඒ පිලිබඳව සොයා බැලිමේදි බඩ ඉරිගු ගස් වල සේනා දළඹුන් සහ සේනා දළඹුන් බිත්තර දමා ඇති බවට තහවුරු විමත් සමඟම වගා කර තිබු බඩ ඉරිගු ගස් කපා විනාශ කිරිමට එම ගොවියා පියවර ගෙන ඇත.

හැටන් රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවා හමු විමත් සමඟම සේනා දළඹුවන් එළවළු වගාවට සහ තේ වගාවට ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි ගොවින් කියා සිටින්නේ.

හැටන් සහ නුවරඑලිය ප්‍රදේශයේ රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යන සත්ත්ව ගොවිපොලවල් වල ඇති කරන ගවයන්ට ආහාර පිණිස ලබා දිමට පිට පළාත් වලින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිර්දේෂයකින් තොරව දිනපතා ලොරි රථ වලින් පිට පළාත් වල සිට බඩ ඉරිගු ගස් ප්‍රවහනය කරන අතර, එම බඩඉරිගු ගස් මගින් සේනා දළඹුවන් හැටන් ප්‍රදේශයට ව්‍යාප්ත වන්නට ඇති බවයි හැටන් රුවන්පුර ජනපදයේ ගොවින් සැකකරන්නේ.

Read more

Local News